Showing posts with label හංසිකා තිලකරත්න. Show all posts
Showing posts with label හංසිකා තිලකරත්න. Show all posts

පුලතිසි වරුණ

වෑහෙන තෙද බලය පෙන්වා රජ සමය
පොබයන මිණි කිරුලු සේ පෙන්වා සවිය
නෙත පින් කඳුලු උතුරා තුට වඩයි ලය
සිඔිනෙමි නෙතින් හැර තිර පුලතිසි පුරය..............

රන්කෙත් පබලු කිරි වෙහෙරෙහි රැස් දහරා
විද හද මඩල දිව යයි පාපයන් මරා
පින්බර ගල් වෙහෙර නෙත සිත සරන තුරා
නළියයි ගතේ රුධිරය අභිමනක් දරා..........

පැරකුම් සයුර දියවර සේ සයුරු ගැබ
සත්බුමුපාය සේ ධාරය විසල් නුබ
අගනා මැදුරු උයනින් සිත උපන් ලොබ
නිවමින් ලෙළෙන පිළිරෑ පැරකුම්ය ඔබ.............

නිති බුදු රැසින් වෙළෙනා සෝමාවති චේතී
වටදාගෙයක සිරි ගත් ගල් කණුද වෙතී
දුටුවිට නැතේ හැඟුමන් සපිරුණත් සතී
මෙපුරේ අසිරි සිරි කිසිදා නිමක් නැතී

මතකද ඒ රිසානා............මෙන්න රිසානාගෙන් ලියුමක්

පිය සවි දෑත් දර හා පොර බදින විට
ලේ පැහැ නෙතඟ මවගේ ඉකි බිඳින විට
අහරක් යදින කුස ගිනි ගෙන දැවෙන විට
සිතුනා සිතේ වූ මාළිග තනන්නට............

කටු මැටි පැලේ පොල් අතු කෙරුවට සෙවිලී
හිරු සඳු රැස් ගෙබිම සිම්බේ නැතිව විලී
ඉල්ලයි රසක් හිස්වූ අපෙ දිළිදු හැලී
මා මළ දිනේ ගෙය සැරසුවෙ ශ්වේත රැළී.............

එක් මවකගේ හීසර පහරින් දුන්න
දහසක් මව් හදේ වණයකි රිදුම් දෙන
අම්මේ සැනසෙන්න දිවියට සවිය ගෙන
මම ඉන්නවා ඔබ දෙස නෙත් යොමාගෙන..............

නෙතඟින් ගැලූ උණු දිය බිදු මහ සයුර
පරදයි සිඳි හිසෙන් ගැලු ඒ ලේ දහර
කෙරුවත් දුරු රටක පස තුළ මෙමා සිර
මම ගයනවා දුක් ගීයක ගෙතූ ස්වර

උත්තම මුනිදු පුදනා පෙරහැර සිරිය

අතරින් සාධු දහසක් මුවඟින් හැලුණු
සොලවා දියත වෑහෙයි තෙද බල බලනු
රන් දම් රුවක් ගත් පෙරහිර නෙත රැඳුනු
නුවරෙහි මයත් මඟුලකි නෙත් හැර බලනු...........

පුන් සඳ කැලුම් දිය දහරින් දොවා ගත
රාවය බෙරෙහි නටවයි මහ දනගෙ ගත
බමනා ගිනි සිලුවෙ එල්ලී රඟන සිත
පිළිඔිඔු දිළේ වැව් දිය මත මවා වත..........

සිරි දළ හෙවා පිට මත පෙන්වා බැතිය
සියොලඟ වසා නන් පෑ සලු පිළිද විය
තබනා පාද මහ ගජ සිරි රුවක් විය
නෙත පින් දිය ගලයි දැක රුව මේ සිරිය...........

පවනෙහි වෙළී රඟනා ධජ සෙවණ යට
රඟනා රැඟුම් දැක නැත බැඳි පවුරු වැට
ලෙළෙනා කසුන් පෑයෙන් සිත පිරී තුට
දෙව් බඔ අඔර හැර භූමිය වෙතට බට

පන්හිඳ

සිප් රණ බිමේ අසිපත ඔබ රුපු බින්දූ දිනු සිප් දෙරණෙ භූපති ඔබ තෙද රැන්දූ ගගනේ අඳුර නැසු සොමි ගුණ හද රැන්දූ පන්හිඳ ඔබයි සිතුවිලි කරනා සින්දූ...................
මාපට දබරඟිලි මැදැඟිලි වලින් වට ඔබෙ බඳ රඟයි මා වයනා බෙර පදට ඔබ ගත ලෙයින් සැරසුනු පත් ඉරුවකට කිව හැක වදන් නොබියව නොකියනා කට.....................
නෙතඟින් උණු කඳුලු ගංගා ගලන විට මුවඟින් උදුල් හසරැල් ගිලිහෙනා විට නිරතුරු වෙලී දෑතේ තනි නසන විට සිතිවිලි විලේ ඔබ විය රිවි බිමට බට........................
නොමුනා වදන් කරමින් ගොස කණ රිද්දා විදිනා වදන් පරදයි හී සර වැද්දා නොතකා වෙහෙස ඉඟ සුඟ නළවයි පද්දා පතනෙමි සවිය දිනුමට දුදනන් රිද්දා

මැද්දේ.........



උකුළේ කළය තාලෙට එහෙ මෙහෙ පැද්දේ
වරලස මැවේ රූ ගලනා දොළ පහරේ
දෙතොලේ සිනා ළඟ නා දලු රුව පැරදේ
අැගෙ නෙත් පහස වැද මුලු ගම කිරි ඉතිරේ............

අැගෙ දෝතට එන්න ජල බිදු තරඟ කරයි
අැගෙ උකුළත සරන කළයේ දිය බේරෙයි
අැගෙ පා පහස ලද දොළ උමතුවෙන් වගෙයි
අෑතට නොයා සිය බිඳු අැගෙ ලඟ දැවටෙයි..........

රන්වන් ළඳකි අැය දුටු තැන මල් නොවෙතී
මිණි පහනක් බඳුය අැය හිරු රැස් නොවටී
දුටුවෙමි සොදින් අැය ගම සරසවන සැටී
සත්තයි දෙව් ලොවේ දෙවඟන පරදවතී.............

අහිමි වූ ඔබ........



විකසිත වූ රෝස කැකුළ මිලාන වී ගියේ
මගේ දෑතෙ සුරතල් වී මාව දමා ගියේ
දෑස බොඳයි ඔබ නාෙපෙනෙයි මතකය අැත සිතේ
පෙරදා ඔබ මා සැනසූ බව මැවිලා පෙනේ..........

දිවාකරේ ඔබේ කිරණ දරුණුයි ගත අලුවෙයි
කාල සලුව එපා ගන්න වළාකුළේ සීතයි
සොමි කිරණින් දොවාලන්න සැනසෙයි ගත පිබිදෙයි
අැයගේ තනිකම මකන්න තරු කුමරිට බාරයි..........

නෙත් පිනවන නේක වර්ණ ඔබෙ ගත දැවටූවා
ගෙලේ දෑතෙ කණක හොවා රූසිරි නැරඹූවා
ගගනෙ කූළෙව් ඔබ දුටු විට වැළඳගන්න වූවා
මගේ දෑතෙ උණුසුම දා හිරු සඳු වෙත දීවා...........

ඔබ අැත දැන් වෙහෙස වෙලා පාවී ගොස් ගුවනේ
සලු වැහැරී රුව නැතිවී තට්ටය අැත සිරසේ
සිත පිරවූ තේජස නැත තනිකම මට අැත්තේ
“සරුංගලේ” ඔබේ වරුණ අැත මගෙ සිත අස්සේ..........

මල් බර උයන් තෙර.............



පෙනෙනා දසත පෑයෙන් දිළෙනා ලන්දූ
පරදා තුරු හිසෙන් බැස එන මල් ලන්දූ
දුටු නෙත් මන බඳින මද මල් හී සර බන්දූ
මධු බර කමල් වේ මල් ලොව මන් සින්දූ..........

මල් කුමරියෝ දැක මී මැසි පා මුකුලූ
ළංවී මුවුන් සිඹ පෙන්වා සිත යහලූ
මත් වී මධූ විතින් පියඔා කර විහිලූ
අාලෙන් රඟයි විසි කර අෑතට කඳුලූ...........

දිය බිඳු අරක් ගත් මුදු දිය තලා වල
රිදියෙන් දිළේ රඟනා කළ මසුන් කැළ
හරිතෙන් ලෙළෙන තණ පිටි තැනි තලා වල
මනසින් පැන නටමි විඳ මුදු සුවඳ නල............

කෝමළ සිනිදු මල් පෙත්තක සුව ගන්න
දැවටී මධු රැගෙන සුවඳින් නැහැ වෙන්න
මල් පැහැ වලින් හදවත පුරවා ගන්න
මල් බර උයන් තෙර අසිරිය විඳ ගන්න............

සමරු පොත



ගෙවූ අතීතය - විදුමව් පාමුල
සමරු පොතක ඇත - බිතු සිතුවම්
වෙන් වුණු කඳුලැලි - මුතු කැට අකුරින්
කෙටා ලියා අැත - කවි ගෙත්තම්.............

එදා මිතුරු කැල - අද නොහඳුන ලෙස
වත නොබලා යති - කර සරදම්
සමරු පොතේ සිත්තම් කළ - සෙනෙහස
කිමදෝ අද ගියෙ - කර කෝළම්...........

කිසිවකු නෑ අද - මගේ හදේ ඇත
මවමින් එදිනේ - රූ සිත්තම්
කියවා සමරුව - කිම දුක් වනු තව
ලොව වටහා - කළ යුතු කෙරුමන්...........

සමරු පොතේ පත් - ඉරී තුලී ඇත
පෙන්වා සිත් තුළ - ඇති වත්කම්
මතු දිනකදි යළි - අප හමුවන දින
සිහිවී යළි හද - දෙයි රිදවුම්.............

,

UCSC


යන්තමින් වැටහෙනා
පුංචි කාලේ ඉඳන්
දුටිමි එක සිහිනයක්
තිබුණි පුංචිම පැතුමක්......
විඳින්නට ජීවිතය
ගෙවන්නට නිදහසේ  යොවුන් විය
පිවිසෙන්න සරසවියට
ලබන්නට මිතුරන්ට එහා ගිය
සොයුරු  පෙමින් බැඳුනු
කොලු කෙලි රංචුවක සෙනෙහස.........
ඉදින් අද ගෙවමි මම
දිවියේ සොඳුරුතම අවදිය
හදවතට ලං කරන්
සැබෑ වු සිහිනයක මිහිරි බව
ජීවිතේ විදින්නට සොයුරු පෙම ලබන්නට
වෙන තැනක් කොහිද
UCSC පවුල මිස .....................

පහ තමයි ගාන



දුක සැප බෙදන්නට සුදුසුම ගාන පහා
මුදු රලු රහස් තෙපලන්නට ගාන පහා
දස දෙස සරන්නට රැස් වන ගාන පහා
තව නොදනීද බහ දෙන පහ රැඳුනු රහා...............

බුදු පා මුලේ දිව්රන සිල් පද පහකි
පානා හස්ත සරසන දෑඟිලි පහකි
පැටි ගෙල තනි රකින රණ අායුධ පහකි
සරසවි පුදන ස්වර දෙන පසතුරු පහකි..............

පස් පෙති මලක රුව දන්නා සියලු දන
සිනහව සරන මුත් නිති කට කොනින් එන
නෙක පෑ වදන් වැතිරෙන මුත් කනින් කන
මට නම් සිතේ පහ වේ උචිතම ගාන

මළගම





පරදා දිවයුරුගෙ කැන් හිරු නැග එනවා
විකසිත කුසුම් මුකුලිත වී මොරදෙනවා
හෝරා කටුවෙ සබැඳී නිති කැරකෙනවා
මතුයම් දිනක මා ලොව අතහැර යනවා...................

හැඩ වැඩ දැමූ සුදු පිළි මා ගත දවටා
කඳුලැලි ගලයි දහසක් නෙත් කොනක සිටා
හිමි නැති දිවි ඔරුවෙ මතකය සිත දවටා
තනිකම නුහුරු මා තනිවී පොළව යටා..................

ඉකිබිද හඬන නෙත් හෙට යළි හිනැහෙනවා
මතකය සිතේ මා ගැන අඩු වී යනවා
මෙලොවින් දුරස් භූ මව් කුස සැතපෙනවා
කිම මේ දිවිය මා සිත පැන විමසනවා

ජීවන ගීතිකාව




ඉර හඳ කැලුම් සරසරන විට මෙලෝ ගැබ
නෙක පුර මිතුරු වරුසා අග නුවර සිඔ
බැඳෙනා මිතුරු දම් දලු ලන උසට නුබ
තනිකම මකන යෙහෙළිය සොහොයුරිය නුඔ...........

එක් මව් කුසක සුවසේ නිදි නොලත් වට

සැබවින් ළබැඳි සෙනෙහෙන් නැගණියකි මට
දෑතේ වෙලී කෝළෙන් පද ගොතන විට
මා මුව හොරෙන් විහිදයි මුදු සිනා කැට.......

දින දින මෝරනා සඳ කැන් විලස නගේ

දෝතින් තෙදස් බල විහිදනු සතර දිගේ
දිරියෙන් ජය කිරුලු පළඳින දිනට නගේ
කඳුලක් හොරෙන් දිදුළනු අැත මගේ නෙතේ




පදික මාරුවක් කථා කරයි

                                 



                                     

කලු මේ කුළෙව් මත රැඳි රන් හුයක් අැත
ඒ රූ වැළඳි මා ගත රන් හුයන් අැත
මහ මග ඔබේ නෙතඟේ මා ගැටෙනු අැත
මගියන් රියන් මා ගත මත රඟනු අැත................

මා ගත මතින් සරනා ඔබ සැවොම හට
පවසමි යමක් මනසින් නිති සිතන්නට
ගව රැළ සේම නටනා සැම දුවන්නට
සිතුණා කෙවිට දෑතට ගෙන තලන්නට.............

මගියනි ඉබි ගමන් යන්නට සිතනු එපා
රිය සක විදුලි වේගය ගෙන බමනු එපා
මා ගත මතින් හැර එගොඩට දුවනු එපා
රත් පැහැ ලෙයින් මා ගත වත දොවනු එපා


කොක් බියක් අැවිත්



රත් පෑ පියුම් පුන් දියඔෙි අතර කොඳ
සතුටින් ගෙවූ දිවියට කණ කෙකා නඳ
අැවිදින් කෙක් බියක් දිවියට බිඳෙන් බිඳ.................

මහ රුක් කඳක් වැනි පා දිය පතුලෙ හොවා
මුවහත් තුඩින් අැන දිය බොර පැහැය හොවා
ගොදුරින් කුසේ ගිනි නිවනට අහර කවා
කිම අප විමන වනසනු ගිනි තබා දවා................

මේ දඩයම සොයා නුඔ යළි පැමිණෙන්න
මා ගත දඟ කවන යුරු නුඔ දැක ගන්න
මා හා රඟා නුඔ වෙහෙසින් නැහැ වෙන්න
සටනට පැමිණ මා දිරි නුඔ දැක ගන්න...........


සොහොන් බිම



රැයේ ළා සඳ කැලුම් සෙවණේ සීත මුදු නල රඟන්නේ
සුදෝ සුදු පිළි පැළඳි සෙහොනේ අයෙක් සැනසී නිදන්නේ
අත වනයි මට අඳුරු සෙවණැලි සිතේ බිය සැරි සරන්නේ
මනු සතා ගැන උතුම් පණිවිඩ රැසක් මා හට දොඩන්නේ....................


මුතු මැණික් රන් බරණ ඉසිලූ නරපතින් බිම අැන තියා
හඬා වැළපෙයි මගේ තේජස අනේ දැන් කොයි ගියෙ කියා
අසල වැතිරුන මවක් යාචක තුටු වඩයි වීණා වයා
වුවත් යාචක නිරිඳු සම බව සිතා සැනසෙයි පා දයා.............


ලෙළෙන අසිපත් දෑතෙ ලා ගත් රුවක් රණවිරු අත වනා
නැගිට දිරි ගෙන රකිවු ජාතිය කියා හඬ දෙයි මං තනා
පුංචි උන් වැලි බතක් උයනා කන්නදෝ යළි සිත පිනා
ලෙසින් පවුලක් සැවොම එක්වී අනේ නැත කිසි දොස් තනා............


ගතට රිදුමක් උනා සැනෙකින් යහන ළඟ බිම වැටි නිසා
සිහින බිඳුනත් නැවුම් සිසිලක් සිතේ නළියයි සිව් දිසා
කෙසේ රැඟුවත් ලොවෙන් යන දින පොළෝ මව් අැත අත වනා
හිස් අතින් යන සැවොම සම බව කියයි අැය මානය නසා

සොඳුරු සිප්හල



රැළි ඔප දැමූ සලු පිළි කැවු නිමල සුදින්
ගෙතු කේ යුග නටයි පා යුග දුවන වෙරින්
ගලනා දොළෙහි බැස බඩවැටි වලට උඩින්
සිත මා දා දුවයි සිප්හල වෙතට හොරෙන්...........

කොලු කෙළි සැවොම දොඩමින් ලොකු කතන්දර
දෑතින් දෑත පටලා වී දයාබර
කෝළැති මුකුලු වදනින් ලැබ උතුම් වර
මතකයි සිප් ඔටුනු ලූ කල පිනෙන් බර.............

දෑසඟ බොඳ වුනත් මතකය සිඟන්නට
සගයන් කොහිද අද නැත එහි දකින්නට
එදවස සිහිව නොසැලෙන අැස් පියන් යට
දැනුනා දෑත වනනා බව පුංචි මට

මවිබිම සිරිය


මුතු සැඟවූ මහ සයුරෙහි කුස ගැබෙනී
දියතෙහි උපන් සිඟිතිය ලංකා රැජිනී
රන් මිණි ඔටුනු හිස ලූ සුන්දර රැජිනී
නැළවෙයි දිනෙන් දින පරදා රූ රැජිනී.............

හාවෙනු සිතා ගුවනට දෑතම පාන
මහ කඳු හිසෙන් රූටා දස්කම් පාන
භූ මව් තෙමා මහ වැව් පුරවා වාන
             දිය රැල් පනී පහළට විගසින් පීන................

මහ වැව් බැඳි පුරය රජරට රූ ලෙළනා
සුවිසල් මහා දා ගැබ් අහසට එබෙනා
දෑතින් උපන් පිළිරූ කැටයම් රුවිනා
වෙනතක් බලනු බැහැ දෑසෙහි වූ තුටිනා...............

බුදු බණ සුවඳ පැතිරෙයි මැදුරෙන් දළදා
සාමුව සතන් කැළ නිති සරනා ලන්දා
ඵලබර වසන්තය මල් බර රුක් හින්දා
සීගිරි ලියන් වෙති පර්වත හිස රන්දා








මිරිවැඩි සඟල



ගත නුඔෙ ගෙවුණෙ අකලට වැහැරිලා නෙවෙයි
සායම් බොඳ වුණේ වරදක් කරල නෙවෙයි
මා මෙන් නුඔත් දැන් වයසට ගිහින් වගෙයි
තුති පුද දෙන්න දැන් නම් කළ අැවිත් වගෙයි.............

පාරේ ගල් බොරලු නුඔ රිදවන්න අැතී
මඩ පැහැ වෙලා ගත සුව දුරුවෙන්න අැතී
දහසක් දුකින් මා පා රැක ගන්න අැතී
මට දුක කියන්නට නුඔටත් හිතෙන් අැතී..............

අහසින් වැටුණු දිය ගත දෝවන්න අැතී
මිහිකත සමඟ රණ වැද පරදින්න අැතී
රුදු හිරු රැස් වැදී දා බිඳු ගලන් අැතී
නෙකියා යමක් තනිවම නුඔ හඬන් අැතී.............

මා යන ගමනෙ පා යුගලේ තනි රැක්කා
දහසක් වටින අැවිදින පා යුග රැක්කා
නොපතා කිසිත් කළ මෙහෙ හද අැත දක්කා
කිම නොවටින්නෙ නුඔ අද අැත වී වක්කා

හමුවී ගසක් මට කීවා කඳුලු කථාවක්

මා ගත පුන් මලින් ඔබ සමිඳුන් වැන්දා
මා වැදු පළතුරින් ඔබෙ කුසගිනි සින්දා
මා අත් පා සෙවණෙ ඔබ සුර සැප වින්දා
තරහක් නැත හදේ දිවි දෙමි ඔබ හින්දා..............

සියොතුන් තුඩඟ රැඳි ගීයෙන් හිත පිරුණා
දෑසින් ලොවම දැක නිහඬව කල් ගෙවුණා
අාවත් නොයෙක් බාධක නිසලව උන්නා
තලයෙන් පොරෝ මගෙ ගත බිම අැද වැටුණා...........

කිසිදා ලොබ නොවී සතු වස්තුව බෙදුවේ
නුඔෙ හුස්මකට පණ පොවමින් කල් ගෙවුවේ
මගෙ ගත ලෙයින් දරු දහසක් ලොව දුටුවේ
පොඩි පුතු සිටුවන්න මා මළ ඉසව්වේ..........

අහසින් වැටෙන දිය බිඳු දිවි උදුරද්දී
භූමිය කුපිත වී ලෝකය සොලවද්දී
හිරු රැස් රුදුරු වී මුලු ලොව වැනසෙද්දී
සිහිවෙයි මගෙ අගය අවසන් සුසුමේදී

කෙළි බිමේ තරුවකට

කන්ද උඩරටින් ලකඔර දිනූ තෙදින්
කෙළිබිම කිරුළ ලද රද මිණි බරණ ලෙසින්
අව් වැසි දරා ගල් පර රැඳි දෙරණ මතින්
ගැලු මහ සිඳුය තෙමු ලක් බිම දිය බිඳකින්..........

දිවයුරු උලිඳු සිහ තෙද බල රැගෙන වෙස
කළඔා සයුර ලද පෑ මෙණ හුයක් ලෙස
අැත් අස් නාග සස් පඬු ගුණ සේ දිවැස
සංකා නසන සංගා ලක් මවෙග කුස...............

පානා හරඔ පිති පහරින් ලොව කලතා
මුවගේ සිනා කැන් හදවත් සිත් කලතා
පෑ සිහ නදින් ලෝකය දිනුමටම සිතා
තව සිප් පානු අාසිරි මල් ගෙනෙමි ගොතා

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever