රැයේ ළා සඳ කැලුම් සෙවණේ සීත මුදු නල රඟන්නේ
සුදෝ සුදු පිළි පැළඳි සෙහොනේ අයෙක් සැනසී නිදන්නේ
අත වනයි මට අඳුරු සෙවණැලි සිතේ බිය සැරි සරන්නේ
මනු සතා ගැන උතුම් පණිවිඩ රැසක් මා හට දොඩන්නේ....................
මුතු මැණික් රන් බරණ ඉසිලූ නරපතින් බිම අැන තියා
හඬා වැළපෙයි මගේ තේජස අනේ දැන් කොයි ගියෙ කියා
අසල වැතිරුන මවක් යාචක තුටු වඩයි වීණා වයා
වුවත් යාචක නිරිඳු සම බව සිතා සැනසෙයි පා දයා.............
ලෙළෙන අසිපත් දෑතෙ ලා ගත් රුවක් රණවිරු අත වනා
නැගිට දිරි ගෙන රකිවු ජාතිය කියා හඬ දෙයි මං තනා
පුංචි උන් වැලි බතක් උයනා කන්නදෝ යළි සිත පිනා
ලෙසින් පවුලක් සැවොම එක්වී අනේ නැත කිසි දොස් තනා............
ගතට රිදුමක් උනා සැනෙකින් යහන ළඟ බිම වැටි නිසා
සිහින බිඳුනත් නැවුම් සිසිලක් සිතේ නළියයි සිව් දිසා
කෙසේ රැඟුවත් ලොවෙන් යන දින පොළෝ මව් අැත අත වනා
හිස් අතින් යන සැවොම සම බව කියයි අැය මානය නසා
0 අදහස්:
Post a Comment