Showing posts with label MuthuWala. Show all posts
Showing posts with label MuthuWala. Show all posts

අමාවකට බය මන්ද මම දන්නෙ නෑ...



සඳ එලියට ලොබ බැන්දා බෝ සේ
තරු නෙලන්න සැරි සැරුවා අහසේ
දේදුනු සිහිනත් බැලුවා රිසි සේ
මේ අහසට පෙම් බැන්දා රහසේ
හඳ පානේ පෙම් සුව විඳේ
ආදරෙනුයි මා දෙස බලුවේ
යන එන මග ඉඟි බිඟි පෑවේ
ඔබ පමණමයි සොඳුර මගෙ ආදරේ
ඒ සිහින පොදි බැන්ඳෙ ඔබ වෙනුවෙනුයී
සඳ නැති රැයක් ඒවි නොසිතුවෙමී
කිසිදා...
අමාවකට බය මන්ද මම දන්නෙ නෑ
කඩුපුල් මලේ සුවඳ මට දැනුනෙ නෑ
සොඳුර
ඔය සුවඳමයි සිත් සතන් පිබිදුවේ
මේ ප්‍රෙමයේ තරම නොදනීද
තවම
ඔය හිතටමයි තවම මම ආදරේ................

දුටු ඒ රුව සරසවියේ....




වත්සුණු තවරා විලවුන් දවටා
හිරුටත් පෙර මා ලහි ලහියේ
කැඩපත පවසයි මුව ගොළු නති නම්
කොපමන හැඩ බැලුවද රිසි සේ
හිරු දහසක් එක විට පෑයූ සේ
දුටු විට ඒ රුව සරසවියේ
නොහැකි උනත් සිත් සේ ලඟ ඉන්නට
හිත සතුටුයි හිමි දුටු දවසේ...
පෙර දා හීනෙන් දුටුවා වගෙයි
නැවත හැරී මා දෙස බැලුවේ
ඒ නෙත් අහිමිද සසර පුරාවට
මසිත මගෙන් නැවතත් ඇසුවේ

ඔය වදන් මා හිතම නිව්වා...



ඔය වදන් මා හිතම නිව්වා........

එකම එක ආදර හිතක්
පතමි සැමදා හිත් දරන්
ඔබේ ඒ පෙම්බර වදන්
නිවයි තුන් හිත සෙනෙහසින්
හිරු නැගී එන අහස මෙන්
පින් බරයි ලොව උමතුවෙන්
ඔබෙන් ලද එක වදනකින්
සුවෙන් සතපයි හදවතින්
පිනි දියත් පිපාසය නිවනා
තරු එලිය ලොව අඳුර නසනා
මද පවන් සිසිසලසක් දුන්නා
ඔබ වදන් මා හිතම නිව්වා.......

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever