Showing posts with label 2013/2014 කණ්ඩායම. Show all posts
Showing posts with label 2013/2014 කණ්ඩායම. Show all posts
,

චේ..


රැවුල,තොප්පිය, හවානා සුරුට්ටුව ඇතුලෙන්
උඹේ "ඇතුල" 
ඇත්තටම දැක්කෙ කවුරුන්ද
උඹ දුවපු මැරතන් එක 
මීටර් 100 කියල හිතපු අපේ උන්
උඹව "දැක්ක" නම් 
උන් තාමත් අපි අතර
ටී-ශර්ට් සරසපු
බිත්ති සරසපු උඹ 
අනේ ලෝකයම සැරසුවා නම්
කියුබාව වගේ...

,

එහෙමද?

මුදා හැරපු දිගු වරලස අගේය ඔහුට
ගෙත්තම් කල දිගු වරලස අගේය නුඹට

ඔහුත් සමඟ බස් දෙඩුවොත් ඇය චපලයි ද
ලොකු සින් ලේබලය ඇල වෙයි එය නැති කලට

ඇය සුරඟනක්, කර වට මුතු වැල් පෙනෙන ඉනවට සේලය පෙනෙන
වෙනත් නමක්, කරත් වහලා ඉනත් වහලා ඇය ඩෙනිමක් ඇන්ඳාම

කොමල පපා මුකුලු කරන ඇය "ළඳය"
නුඹට වඩා සූරයි නම් ඇය "ඔහුය"

ඔහුට එහෙම නුඹට මෙහෙම අවැසි අතර
අඳුනන්නට වෙහෙසයි "ලු" ගැහැණිය ව

,

විරහව සිහි කළ අතීතය(1)


මම ඇගෙ ආදරෙන් මත් වී සිටි අතරේ
නිදි දෙව්දුවත් මා හැර වෙනතක වැතිරේ
රස පෙම් හැඟුම් දැන් මගෙ සිත තුල ඉතිරේ
මා පිනවමින් ඇගෙ රුව දස අත පැතිරේ

ඔබගෙත් මගෙත් කුලුඳුල් පෙම නොවුනාවේ
ඒ මතකයන් අප දෙසිතෙන් මැකුනාවේ
අපි ඉමු ලංව කාලය ඔහෙ ගෙවුනාවේ
කොයි විදියකින්වත් අපි වෙන් නොවුනාවේ

හැකි හැම විටම දෑඟිලි පටලා ඉන්න
ඔබෙ මුව කමල අත ගා සිත සනසන්න
ඔබ හා එක්ව ගං ඉවුරක ඇවිදින්න
ආසයි සොඳුර ඉක්මනටම මගෙ වෙන්න

අන් කිසි ලඳක් මගෙ සෙනෙහස පතනු එපා
ඔබ නැති ලොවක මව මා කුස දරනු එපා
ඔබ කිසි දිනක දුකකින් විඳවන්න එපා
මගෙ පණ ඔබ ලඟයි සොඳුරියෙ තැවෙනු එපා

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever