සමරු පොත



ගෙවූ අතීතය - විදුමව් පාමුල
සමරු පොතක ඇත - බිතු සිතුවම්
වෙන් වුණු කඳුලැලි - මුතු කැට අකුරින්
කෙටා ලියා අැත - කවි ගෙත්තම්.............

එදා මිතුරු කැල - අද නොහඳුන ලෙස
වත නොබලා යති - කර සරදම්
සමරු පොතේ සිත්තම් කළ - සෙනෙහස
කිමදෝ අද ගියෙ - කර කෝළම්...........

කිසිවකු නෑ අද - මගේ හදේ ඇත
මවමින් එදිනේ - රූ සිත්තම්
කියවා සමරුව - කිම දුක් වනු තව
ලොව වටහා - කළ යුතු කෙරුමන්...........

සමරු පොතේ පත් - ඉරී තුලී ඇත
පෙන්වා සිත් තුළ - ඇති වත්කම්
මතු දිනකදි යළි - අප හමුවන දින
සිහිවී යළි හද - දෙයි රිදවුම්.............

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever