කෙළොම්පුරේ




හිරු සදු යනෙන බව නෑ කිසිවෙකු දන්නේ
සොයමින් යමක් සැම දන මග දිව යන්නේ
ගත සිත තැලී දා බිදු මත රජ වෙන්නේ
කිමදෝ දිවිය මා සිත පැන විමසන්නේ...........


මැලවුණ නෙතින් හෙම්බත් දිව රෑ නිතින
නෙක පෑ අදුන් වත රූ සිරි වසාගෙන
ගත පිළි නොවී දහසක් නෙත් යොමාගෙන
පුරඟන දුවයි ඒ මේ අත බලාගෙන........


පෑයෙන් හරිත සලු පිළි වත වසාගෙන
සිසිලැති පවන් සියොලඟ සිත වසාගෙන
නිල් දියවර මැදින් උණුසුම සොයාගෙන
දුවනට සිතේ ගම්මානය සොයාගෙන.......


පොපියන කැකුලු මල් සිත සරසා ගන්න
ගෙතෙනා වදන් සැම සිත් සනසා ගන්න
මෙපුරේ අගය දින දින මුදුනත් වෙන්න
පතනෙමි සිතක් මෙත් වැස්සෙන් දෝවන්න


3 අදහස්:

  1. ටක ටක ටකස් ටක ටක ටස් කියාගෙන ......
    අමුණමි අකුරු ලැප්ටොප් ඒක තියාගෙන .....
    උරුමය තිබෙන ගම්දොර සිත මවාගෙන......
    කරුමය විදින අරුමය දුක දරාගෙන ......

    ReplyDelete
  2. අම්මේ බං. 4-4 පින්තුරයක් එවහන් රෙජිස්ටර් කරන්න

    ReplyDelete

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever