මතකද ඒ රිසානා............මෙන්න රිසානාගෙන් ලියුමක්

පිය සවි දෑත් දර හා පොර බදින විට
ලේ පැහැ නෙතඟ මවගේ ඉකි බිඳින විට
අහරක් යදින කුස ගිනි ගෙන දැවෙන විට
සිතුනා සිතේ වූ මාළිග තනන්නට............

කටු මැටි පැලේ පොල් අතු කෙරුවට සෙවිලී
හිරු සඳු රැස් ගෙබිම සිම්බේ නැතිව විලී
ඉල්ලයි රසක් හිස්වූ අපෙ දිළිදු හැලී
මා මළ දිනේ ගෙය සැරසුවෙ ශ්වේත රැළී.............

එක් මවකගේ හීසර පහරින් දුන්න
දහසක් මව් හදේ වණයකි රිදුම් දෙන
අම්මේ සැනසෙන්න දිවියට සවිය ගෙන
මම ඉන්නවා ඔබ දෙස නෙත් යොමාගෙන..............

නෙතඟින් ගැලූ උණු දිය බිදු මහ සයුර
පරදයි සිඳි හිසෙන් ගැලු ඒ ලේ දහර
කෙරුවත් දුරු රටක පස තුළ මෙමා සිර
මම ගයනවා දුක් ගීයක ගෙතූ ස්වර

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever