Showing posts with label කුමාර් ප්‍රියදර්ශන් (KP). Show all posts
Showing posts with label කුමාර් ප්‍රියදර්ශන් (KP). Show all posts
,

ඈ..

පාට ගොඩයි
ඒ මැද නුඹයි
තනිව හඩයි
කිමද සිතෙයි
පෙර දින ඇය
දුටුවේ තුටින්
අද මෙලෙසින්
ඇයිද දුකින්
"මට හැමදේ
එපා වෙලා"
කියා සෙමින්
කදුළු පිසින්
"වැරදි දෙයක්
වුනා වත්ද"
මම ඇසුවෙමි
නැවත ඇගෙන්
"එහෙම මුකුත්
දෙයක් නෑ"
හිනැහෙන්නට ඇය
දරන තැතක්
හිත යට මං
හිතාගත්තේ
ඇයට ඇගේ
ලොවක් ඇත්තේ
"එහෙනම් මං
යනවා යන්න
හම්බෙමුකෝ
පස්සේ ආයේ"
පාට කරපු
හීන අස්සේ
මුලා වෙන්න
එපා සොදුරේ
කියන්න මට
ඕන වුනත්
නොකියම මං
ඇඳෙන් බැස්සේ

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever