Showing posts with label නමක් නැත. Show all posts
Showing posts with label නමක් නැත. Show all posts

ලගින් ඉදින් තනි නොකරන් මා සද...........


පෙර භවයෙත් ඔහු ඔබේම වෙන්න අැතී
ඒ සුන්දර හිත ඔබට ලබෙන්න අැතී
සසර පුරුද්දට ඔබ හමු වෙන්න අැතී
කිසිම දිනක ඔහු මගේ නොවෙන්න අැතී............

අහිමි උනත් අවිහින්සක හදවත
නැත කහටක් මා සිත කිසි දවසක
සොයුරිය නුඹමයි ඔහු හැම සතුටම
ලගින් ඉදින් තනි නොකරන් මා සද...........

ඉවසමි මහ මෙර තරමට දුක් කද
මා හිමි හිත සනසන්නට නිතියෙන
නොදෙන් දුකක් ආදර හදවතකට
තනි නොකරන් මගේ නොවෙන ප්‍රේමය..........

ලීවෙමි යලි කවක් සිත සැනසෙන හන්දා..


සිතුවත් නොලියන්නට යලි ඔබ වෙනුවෙන්
නොහැකිය ඉවසන්නට මට මේ විලසින්
කවියයි එකම දිවසුව සනසනා මසිත්
නොපැමින් සිහිනෙකුදු නැවතත් පෙලා දුකින්.............

කදුලත් සැපක් ඔය නමින් කඩා වැටෙනා
විරහව සුන්දරයි ඔබවම සිහි කරනා
පාලුයි හිතට සිනහව මා හැර ගියදා
නොහඩමි යලිත් අන්සතු වස්තුවක් නිසා..............

ජාති ජාතිත් මා පතන්නේ - මගේ දයාබර ඔබයි පියාණෙනි


කප් රුකක් යට ඇති කුඩා පැළ මෙන් 
හැදී වැඩුනෙමි ඔබේ සෙවනේ 
ඔබෙන් ලැබූ පන්නරයෙන් 
ලැබූ ජය ඉමහත්ය අද දින ........

මවුතුමිය සොහොනෙහි තනිවූ දා සිට 
අදර බර මවක් විලසින් 
සියලු යුතුකම් කරට අරගෙන 
බර දැරූයේ ඔබයි පියාණෙනි ...

ලේ කිරට නොහැරුණත් 
මා ද සමගින් ඔබත් අඩමින් 
ඉගෙනීමද සොදින් ලබා දී 
උස් මහත් කෙරුයේ, ඔබයි මගේ පියාණෙනි ...

දෙනෙත් කදුලින් බරිත වී දැන් 
මෙසේ තනි වූ ඔබේ පුතු වූ 
ජාති ජාතිත් මා පතන්නේ 
මගේ දයාබර ඔබයි පියාණෙනි....... 

හිමි නොවන පෙම.....


ඔබ දකින හැම විටම
හද ගයන පෙම් රාව
අැසෙයි නම් ඔය සවනට
වැටහේවි ඔබටත්
මා සිත පෙම් කරනා තරම්.............
ආවත් දුර ගෙවා
පන්හිඳයි මා සිත
මා ඔබ මුණ ගැහෙන
ඔබ අන් සතුයි කියා
හිතට එන හැම විට
මා හද පෙලන දුක
නොවැටහේද ඔබ හට
හිමි නැතත් මට නුඹ
පතමි ඔබේ සතුටම
නැවත මතු භවයක
ඔබ මගේ වෙන්නට................

තනි තරුව......



අහස කලුවරයි
නිල් අහස කලුවරයි
වළාකුලු වේගයෙන්
අහස් කුස හඹා යයි
හුදකලා තාරකා
රෑ අහස බබළවයි
කාටවත් නොඅැසෙන්න
ප්‍රේම ගී පද බඳී
රාත්‍රිය සරසන්න 
අහස් කුස සැරිසරන 
පෙම් වළා රැහන් දැන් 
තාලයට පා තබයි 
දුර ඉදන් ඔය කියන
රහස මට අහගන්න
හිතයි දැන් දුව එන්න 
හුදකලා තනි තරුව................

මගේ සද දුර ගිහින්....



මගෙ සඳ දුර ගිහින්...

හිරුද සඳුද තරුද අරන් ඔබ ඇය වෙත ගිහින්
පාලු රැයක මා තනි කර ඇය සොයාන ගිහින්
පෙර දවසක සිත් සැනසූ සඳ දුරකට ගිහින්
මා තනි කර ගිහින්. . .
ඇසඟින් කල ඉඟි පෙර දා අද නැතිවම ගිහින්
අප ගිය මග වැටි මල් වැහි නොවැටිම කලු කරන්
රුසිරු හිනා නැති පන්හිඳ පාලුවටම ගිහින්
මා තනි කර ගිහින්...
අමතක මතකය නෙත් අග රහසින් තද කරන්
පෙම් බැඳි හදකට දුන් දුක මහ මෙරකට දරන්
සිහිනෙන් ළග උන් මතකය ලැමට තුරුලු කරන්
මගෙ සඳ දුර ගිහින්...

මුතු වලාකුළ


ලියන්නට කිසිවක්
හද බැඳුනු දිනයක්
කියන්නට මහ මෙරක්
පද නොගැලපේ තවමත්
පන්හිඳ පාලු නැත
සිත් තුටින් පිබිදී ඇත
විරහවද අඩු නැත
සුපුරුදුයි මේ අන්දකාරය
එහි ඇති අනුරාගය
නොවැහටෙයි හුදු පුන් හට
හැකිද නවතන්නට
නිරිඳු අන්තප්පුරය
එනමුදු හැර යයිද
රැජින ඈ ආලය
සනසන්න මා සිත
නෙත් ළග රැඳෙනු ඇත
එනමුදු හැකි වෙවිද
සතපවන්නට සිඟිති පුත
කිරි වැරූ මවකට........

තනි මන්ද


අහේතුවකට වැටෙන කදුලක්
දරා ගන්නට නොහැකි කරුණක්
නොලැබෙනා ඔබ දුරයි කවදත්
කිමද අැඩවුවෙ මාව මෙතරම්

බෝධි පාමුල හිස නමාගෙන
අදත් නමදිමි තිලෝ ගුරු මම
පැතුවෙ සැමදා ඔබේ සැනසුම
මගේ නොවෙනා මගේ සඳ නුඹ
කිසි දිනක නෑ නැවත හිමි වන
අදත් මා සුපුරුදුම බෝ මැඩ
ඔබේ සුලඟක් නැතිව ලත වෙන
නෙතේ පොර කන කදුලු බිදු අද
ඔය නමින් නහවයි මෙ පින් බිම
කිලිටි නෑ මා පිදූ ආලය
පතමි අදටත් නුඹෙ සතුටම

 ගොලු වෙලා සදහටම කවි සිත
නැවත නොලියමි කිසි දිනක මම
දිවා රෑ මා ඔබට පෙම් කල නම
නොකියනා කවි කාරි මම.......

හිමි නොවුනු පෙම



අදුරු ලොවට පහන් එලිය වූ හිමි
 මා නොදැනම පෙම් කෙරුවේ සතුටිනි
යන එන මග ඉගි කෙරුවේ රහසිනි 
කිමද ගියේ මට නොකියම විගසිනි..............

කවදාවත් මට හිමි නොවුනත් ඔයා 
අදටත් මා නෙත් සොයනව ඒ සිනා 
නොදැක ඉන්න දවසට හිත ලෙඩ වෙනා 
මටත් හොරෙන් ඔබ හිත ගෙන දුර ගියා...........

මා යන මග පිපි මල් මට හින හුනා 
කුරුලු නාද අපි ගැන ගී මිමිනුවා 
අද යන මග පාලුයි මල් පර වෙලා 
මට නොදෑනිම මා හිත දැන් ගොලු වෙලා 
තනි යහනේ මා සිත දුක් කවි ලියයි 
අැයත් ඔබත් ආදර වදනින් දොඩයි 
නෙත් අග පිරි කදුලක් ඔච්චම් කරයි 
මගේ සදට මන් කවදත් ආදරෙයි............. 


නොනවතින් මා පෙම්බර

..................

නිදා උන් මගෙ කවි සිත
අවදි කල පෙම්බර හද
දුරින් ඉද පෑ සෙනෙහස
අවසරයි විඳ ගන්නට...

අන්සතුයි ඔබ සදහට
නෑ ඉඩක් මට ඔබ ළඟ
එහෙත් ඒ ලෙන්ගතුකම
ණයගැතී මම සදහට. . .

වෙන්ව යන්නට ළඟ බව
දැනෙන විට සන්තානෙට
දැවී යයි මා තුන් සිත
අලු වෙලා මේ මග තොට. . .

සදා පතනෙමි ඔබ සුව
දුකක් නොමෙ වේ කෙදිනක
බොලද සිත ඉකි ගැසුවට
නොනවතෙන් මා පෙම්බර. . .

අහිමි අාල සිත



අඳුරු මේඝ පුර හඳ වැසුවා වාගේ
සැඩ සුලඟට අකලට මල් වැටුනා සේ
රළ පහරට ඔරු කඳ පෙරලුනා සේ
ආදර හිත මට අහිමි වෙලා වාගේ............

පෙර පවක්ද නොදනී අද මා තනිවී
ළං වෙන්නට පෙරම සඳ ඔබ මා වෙන් වී
මතු භවයක ඔබේම සිරි පතිනිය වී
එක් වන්නට පතමි සොඳුර ඔබේම වී................

අාල සිත



වැලි කතරට පිනි පොද වැටුනා වාගේ
රෑ අහසට පුන් සඳ පෑයූ වාගේ
සිඳුනු දිය කඩිත්තක් පිරුනා වාගේ
මගෙ හදවත ඔබ හොරෙන් අරන් වාගේ...........

කැළඹිලා සිත රුදුරු සුලඟට හසුවීදෝ
කෙළි කවට කම් මා දමා ඈතට වීදෝ
කිමද අරුමය නොවැටහේ මේ අලයදෝ
කියනු සකි සඳ මට ඔබේ ආලය හිමිදෝ............

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever