හද පුන් වෙසක් මල්




හමනා පවන දැවටුන බෝපත් සිසිල
වැද සැනසී ලොවට පුන් සඳ කැලුම් හල
හදවත පිරේ සුවඳින් හමනා වු මල
පෙන්වා මගුල් සිරි බැබළෙයි මෙලෝ තල..........

බෙරුවෙන් මවාගෙන පින් සිතිවිලි පේළී
කිම තව රඟනු වෙස් මුහුණක සැඟව තැලී
මුලු ගත වසා සුදු රෙද්දක් කර සෙවිලී
නොම අත පානු දුසිරිත වෙත නැතිව විලී..............

නැතිදුත් කාසි දෝතක් පිදුමට දෙන්න
සිතිවිලි වලින් හැක හිනිපෙත්තට යන්න
අදුරින් මිදී අාලෝකය ගෙට ගන්න
වෙසගේ සිතත් නව මගකට කැන්දන්න.........

පහනින් පහන ලොව ඝනදුර දුරු වේවා
සැම බණ පදම මද පවනේ රැව් දේවා
සැම මනු හදම පින් සිතුවිලි අැතිවේවා
මෙත් බෝ සිසිල හදවත් තුළ බැබළේවා....


0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever