විරු සරදියල් සිහිවී




විරු බලකොටු විමන උතුවන්කන්ද විය
ඔහු පා අතර මහ බෝ සිදු සිහින් විය
සුදුදට එදිරි වූ සිහලෙකු පහළ විය
දිළිදුන් අතර මහ රජු ඔහු පතළ විය......


අප හට කියා දී මිණි සේ හර පාඩම්
සිහි නද පෑවෙ සෝදා සුද්දගෙ සායම්
මිහිකත මනු සතා වෙනුවෙන් කළ වෑයම්
මතකෙන් නොයයි සැමදා පවතින නෑකම්.......


පරගැති සිතුම් හද පිරි අප ගොඩ සුද්දා
කහවනු ලොබින් ගතු කීවේ හට සුද්දා
විරුවෙකු නසන්නට වෙර ලැබු සුදු වැද්දා
දඩයම් කළේ සැනෙකින් අප හද රිද්දා.......


උතුවන ගලේ රූ නෙතගේ ගැටෙන විට
ව්ස්කම් මැවී උණු ලේ කැලතෙනා විට
සිහිනෙන් අැවිත් ඔබ විසු ඒ අවදියට
වැදුනෙමි මමත් රණ එදිරිව සුද්දන්ට

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever