කිරි අම්මාගේ විලාපය



මා පුතු නැතිව හදවත මගෙ වැළපෙද්දී
ඔබෙ දරු දුටිමි මව් සෙනෙහස මෝරද්දී
ලේ කිරි වුණේ ඔබෙ දරුවන් හඬවද්දී
කළ මෙහෙයටයි දඬුවම හෙට එළි වෙද්දී.......

පොළොවෙන් නැගුනු ළා දලු රස නැත නිම්මා
ඔබ හට කළේ මෙහෙවර හද බැඳ පෙම්මා
ඔබෙ මුව කියයි මට නාමය කිරි අම්මා
අද සිහි නොවේවිද නුඹ කී ඒ අම්මා.............

මගෙ ගත පුදමි අහරට දිව රස රන්දා
හිත තරහක් නොමැත අාලය අැත රන්දා
ඔබ අත මුදල් ඉවතට නොම යන හින්දා
හිස අත ගා සනසාපන් යන හින්දා.........

මතුයම් දිනක මරණය ,ඔබ වෙත ඒවී
මා මළ අයුරු ඔබ හට යළි සිහි වේවී
ඔබෙ හද ගැස්ම ඔබ හට දඩුවම් දේවී
එදිනට නෙතට උණු කදුලක් ඒක් වේවී


0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever