රූබර හෙළ කඩුගන්නා



හැඳි සලු හරිත පෑ කඳු අංගනාවෝ
මිහිදුම් කැවූ නල පොරවා සිරි පෑවෝ
අඹරේ ගොලු වළා දැවටී බස් දෙඩුවෝ
විචි ත්‍ර චිත්‍ර මැවිලා සිත තුට වැඩුවෝ..........

හතරැස් පව්ව කියනා සීගිරි පුංචි
සීගිරි ලඳක් නැත අැත කඳුලක් පුංචි
අම්බුලු සෑය තනිවී පසෙකින් හිංචි
ගන්නට හොරෙන් දසුනක් නැත තහංචි.......

අඩ ගෝලයක් මැද සුදු තිලකයක් අැත
නෙත් හැර බලනු සෑයක රූ මැවෙනු අැත
දෙවනගලින් බැස හෙළ පා දුටුව නෙත
සතුටින් ඉපිල උඩ පැන පැන නටනු අැත.......

යන එන ගමනෙ මෙහි මදකට නවතින්න
නෙත දඟකවා රූ දසුනක් ඩැහැ ගන්න
මේ තතු බොරුද ළය මඩලෙන් විමසන්න
හිත රැදි බරක් හෙළ පහළට අතරින්න


0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever