නුබ නෙත් කොනින් වැගිරුණු උණු කදුලු බිඳු
නුබෙ පා සැරසු නූපුර ගොස මවයි රුදු
නුබෙ ගත සැරසු විදුලිය රන් දමක් බඳු
කිම නුබ හඬනු සොලවා මහ විසල් කඳු..........................
නුබ සිඹි නෙරලු තුරු හිස් කෝළයෙන් වගෙයි
අැඹරෙයි වැනෙයි වයනා තාලයට වගෙයි
පෙනෙනා දසත අඳුරින් ගුලි වෙලා වගෙයි
ඉඳහිට අඳුරෙ රන් දම් සිත්තමක් මැවෙයි...........................
රුව දැක උමතු බැල්මෙන් නුබ ලතවෙන්නේ
මද රද හී මෙන් විදුලිය දැවටෙන්නේ
සිහිලඹ පා සිඹ සකොබව දිව යන්නේ
ඉපනැල්ලේ අැයි එතනෝ ලත වෙන්නේ
0 අදහස්:
Post a Comment