වීදි දරුවා



බැල්මන් හෙලා කඳුළින් බොඳ වූ දෑසින්
හදවත පිරුණු ශෝකය දලුලයි යහමින්
සිත ගත සුවය විඳ රජ සැප රෑ සිහිනෙන්
උදයට දෑත පාලා සිඟමන් යදිමින්....................

රුක් පාමුලේ කොළ අැතිරූ යහන මත
හමනා මද පවන පොරවා වසා ගත
නිදි දුව වැළඳ අතරේ වෙවුලන සීත
හසරැල් පායි සිහිනෙන් දිදුළමින් වත............

ගත රුව වඩන අගනා පට පිළී නැත
නැග තුට වඩන්නට යානා හිමිව නැත
වරදක් නැතත් දුක් කරදර නිමක් නැත
කුස රස වඩන භෝජන කුණූ බඳුනෙ අැත....................

තම සම වියේ දරු සමනළ රැඟුම් ගෙනේ
පැහැයෙන් රුවින් සුවයෙන් දිවි ගෙවනු පෙනේ
සොයනා ඉසුරු සරමින් නිති වීදි කොනේ
මේ දරු පැතුම් කෙදිනක ඉටු වේද අනේ


0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever