හමුවී ගසක් මට කීවා කඳුලු කථාවක්

මා ගත පුන් මලින් ඔබ සමිඳුන් වැන්දා
මා වැදු පළතුරින් ඔබෙ කුසගිනි සින්දා
මා අත් පා සෙවණෙ ඔබ සුර සැප වින්දා
තරහක් නැත හදේ දිවි දෙමි ඔබ හින්දා..............

සියොතුන් තුඩඟ රැඳි ගීයෙන් හිත පිරුණා
දෑසින් ලොවම දැක නිහඬව කල් ගෙවුණා
අාවත් නොයෙක් බාධක නිසලව උන්නා
තලයෙන් පොරෝ මගෙ ගත බිම අැද වැටුණා...........

කිසිදා ලොබ නොවී සතු වස්තුව බෙදුවේ
නුඔෙ හුස්මකට පණ පොවමින් කල් ගෙවුවේ
මගෙ ගත ලෙයින් දරු දහසක් ලොව දුටුවේ
පොඩි පුතු සිටුවන්න මා මළ ඉසව්වේ..........

අහසින් වැටෙන දිය බිඳු දිවි උදුරද්දී
භූමිය කුපිත වී ලෝකය සොලවද්දී
හිරු රැස් රුදුරු වී මුලු ලොව වැනසෙද්දී
සිහිවෙයි මගෙ අගය අවසන් සුසුමේදී

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever