නොලියවෙයි තවත් කවි....



නොලියවෙයි තවත් කවි සිත ගොලු වීලා
හිමි නැති ලොව මා හොඳටම තනි වීලා
නැතිමුත් සෙනෙහසක් අපි සතුටින් උන්නා
සඳ නැති නුඹ කුස අද කලුවර වීලා
නොදනී කිමද මාතින් උනු වරද
නුඹට දුන්නු ලෙන්ගතු කම් මදි උනිද
නතිනම් සිනා රැල් මගෙ සුන්දර මදිද
ඇය වෙත ගියේ මා තනි කර දුක නැතිද
වටෙන කඳුලු කාටද ඔබ දන්නවද
රෑ එලි වෙන්නෙ හිතමින් මා ඔබ ගැනම
හැකි වෙද අන් ලඳකට හිත සනසන්න
ඇයි මට අහිමි ඔබ ලග තනියට ඉන්න
නැති කල චපල ස්ත්‍රී ඔබ මගෙ නොවෙද
ඉඩ දෙන් මදක් වත් හොරැහින් බලන්නට
මන් අසරනයි නොහැකි ඉවසන් ඉන්න
ඔබ පමනමයි හිත ඇති එක සැනසීම

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever