ලතැවෙන පෙම



නිලඹරේ සඳ පායා සිසිල වෑහෙනා
තරු කැට අහුරක එලියට මා ලොබ බැන්දා
උම්මාදෙන් මත් වූ සිත පෙම් ගී ගයනා
කණාමැදිරිත් නිඳන රැයක් පහන් කරනවා

සීත සුළං දෙවුර පුරා ලොබින් බැඳෙනවා
ආදර වදනක් මා සිත උමතු කරනවා
පරසතු බැව් හැඟෙනා විට නෙත් බර වෙනවා
සිතින් බැඳි පෙමක් ඈතින් බලා ඉඳිනවා

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever