මායාවක් දෝ දෑස් මානේ
පෙනී නොපෙනෙන සේයා
ඔබේ රූ ඇඳි සිතේ මතුවෙන
මැවී බිඳී යන චායා ...
නුදුටුවෙමි කලකින් ඔබේ වත
කිරි සිනහවන් පිරි එදා
උන්මාද හදවත නොදන්නේ
කුමන අරුම ද විය මෙදා ...
කතාවක් එක සිනහවක් දැකුමට
හිතයි දැහැනේ වෙලී
හමුවුවත් නෙතු දෑල ඉඳහිට
ඉවත බලනෙමි මා යලී ...
නෙතඟ දිලිසෙන කඳුළු බින්දුව
පෙනෙන්නට කාටත් නොදී
දෝත පිරවූ දියෙන් දෑසම
තෙත් කරමි හිත නෑ දැඩී ...