නොකියූ කතාවෝ මතකෙට ගලා ඒ
යලි යලි සවනේ පිලි රැව් දී ඇසේ
ගත හිත යාවී නැත ඇත වෙන්වී
කවදා එක්වෙයිද නොදනිම් කෙසේ .........
පුන් සඳ පායා ඔබේ රූ චායා
ඇන්දේ හිතින් මං බොළඳයි වගේ
හඳ නැති අහසේ ගනඳුරු ගගනේ
තරු එළියක් වෙන්න ලෝකෙට මගේ ..........
උවන පුරා ලූ සිනා මලේ වූ
සවනට යා වේ දො වදනක් නුඹේ
නුදුටුව අයුරින් දෑසට පෙනිමින්
කොහොමද ඉන්නේ මං ‘ මාදී ’ මෙසේ ........
හද විරසක වී නෑ හද පිර වී
ඇත්තේ ඔබෙන් දැයි සිතෙහී නැඟේ
කුළු යයි පාවී හඳ පායා වී
යලි ඔබ ඒවී නම් ලෝකෙට මගේ .........
0 අදහස්:
Post a Comment