මල් බර උයන් තෙර.............



පෙනෙනා දසත පෑයෙන් දිළෙනා ලන්දූ
පරදා තුරු හිසෙන් බැස එන මල් ලන්දූ
දුටු නෙත් මන බඳින මද මල් හී සර බන්දූ
මධු බර කමල් වේ මල් ලොව මන් සින්දූ..........

මල් කුමරියෝ දැක මී මැසි පා මුකුලූ
ළංවී මුවුන් සිඹ පෙන්වා සිත යහලූ
මත් වී මධූ විතින් පියඔා කර විහිලූ
අාලෙන් රඟයි විසි කර අෑතට කඳුලූ...........

දිය බිඳු අරක් ගත් මුදු දිය තලා වල
රිදියෙන් දිළේ රඟනා කළ මසුන් කැළ
හරිතෙන් ලෙළෙන තණ පිටි තැනි තලා වල
මනසින් පැන නටමි විඳ මුදු සුවඳ නල............

කෝමළ සිනිදු මල් පෙත්තක සුව ගන්න
දැවටී මධු රැගෙන සුවඳින් නැහැ වෙන්න
මල් පැහැ වලින් හදවත පුරවා ගන්න
මල් බර උයන් තෙර අසිරිය විඳ ගන්න............

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever