විකසිත වූ රෝස කැකුළ මිලාන වී ගියේ
මගේ දෑතෙ සුරතල් වී මාව දමා ගියේ
දෑස බොඳයි ඔබ නාෙපෙනෙයි මතකය අැත සිතේ
පෙරදා ඔබ මා සැනසූ බව මැවිලා පෙනේ..........
දිවාකරේ ඔබේ කිරණ දරුණුයි ගත අලුවෙයි
කාල සලුව එපා ගන්න වළාකුළේ සීතයි
සොමි කිරණින් දොවාලන්න සැනසෙයි ගත පිබිදෙයි
අැයගේ තනිකම මකන්න තරු කුමරිට බාරයි..........
නෙත් පිනවන නේක වර්ණ ඔබෙ ගත දැවටූවා
ගෙලේ දෑතෙ කණක හොවා රූසිරි නැරඹූවා
ගගනෙ කූළෙව් ඔබ දුටු විට වැළඳගන්න වූවා
මගේ දෑතෙ උණුසුම දා හිරු සඳු වෙත දීවා...........
ඔබ අැත දැන් වෙහෙස වෙලා පාවී ගොස් ගුවනේ
සලු වැහැරී රුව නැතිවී තට්ටය අැත සිරසේ
සිත පිරවූ තේජස නැත තනිකම මට අැත්තේ
“සරුංගලේ” ඔබේ වරුණ අැත මගෙ සිත අස්සේ..........
0 අදහස්:
Post a Comment