වසන්තය අවිත්




රුක් හිස මුදුන පුන් කුසුමන් පියලි සලා
නිම්නැති කොවුල් පදවැල් නද දෝර ගලා
වැසු තිර ඉරා නව බැල්මක් ලොවට හෙලා
අැවිදින් වසන්තය දොරකඩ සිටී බලා............

දෙකොපුල් රතු කරන් ඒරබුදු කෝල වෙතී
රන් සලු පැළද රඹ කැන් ඒබිකම් කරතී
දෝතින් දෝත බුලතක් නෑකම් ගනිතී
බදිමින් වරල අතිලියෙ කැවුමක් රඟතී..........

සයුරින් මිදී කිරි බෙල්ලන් කෙටු ගනිතී
මොළකැටි සිඟිති අතැඟිලි මත දඟ කරතී
සක් හඩ මකා දෙතෙලඟ සිනහව රඟතී
දස දෙස දොවා කිරි ඉතිරී තුටු වඩතී.............

ගිනියම් රබන් කත දෑතින් උදම් වෙලා
හඩදී පුදයි අවුරුදු ගීතයක් නෙළා
සැම මනු හදේ අවුරුදු සිරි මෝදු වෙලා
සැමදා ඒන්න අවුරුදු රද කදුලු තලා..................

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever