දෑඟිලි හොවා ගෙන ලෝ කුරු අතර තදින්
දිව රෑ නොදත් නෙත් අකලට මැලව ගොසින්
ඒ නෙත් දෙකේ කඳුලැළි දැන් සැඟව ගොසින්
වෙවුලන සුසුම් හඬ කන් තුළ රැඳී ගොසින්...........
සපැමිණ ළමා පා සුරතල් රෑ සිහිනෙන්
බඩ කට පිරේවිද උන්ගේ මහරු රසින්
කළ පව් කෙදින ගෙවිලා යාවිදෝ පිනෙන්
දැවෙනා සිතේ ගිනි නිවනට බැරිය දියෙන්............
ගිලෙනා අතර සිතිවිලි මහ සයුරු කුසේ
දින දින ගෙවී ගත දැන් අැට සැකිළි ලෙසේ
සිත පෙර සවිය නැත දිනුමට සතර දෙසේ
නිදහස ලැබූවත් පියඔනු බැරි පෙරසේ................
0 අදහස්:
Post a Comment