පෑබර කසුන් වැල් පරදන රූ කුමරී
දෙව්ලොව ඉඳන් මෙහි අා කෝමළ කුමරී
මා හා වෙලී තනි නසනා ලෙසට සරී
මිතුදම් නිල් ගුවන සිඔ යළි බිමට බසී..............
කෙමලැති මුකුලු හස කැන් පා කර පවනේ
සුරතල් වදන් මුමුනයි මුව රැඳුනු අනේ
නිති තද කරන් දෙනෙතේ සැඟවුණ සිහිනේ
නිදි දෙව් දුව සිඔී ලද මොහොතකින් අනේ.................
දෑතින් දෑත පටලා වී නිති යහලු
නැති දින මටත් දැනුනා නොමැකෙන පාලු
පිපි මල් විලක කුසුමක් වී අපි යහලු
ගෙල ලමු දිමුතු මුතු වැල් ලෝ මව් එකලු....................
තෙවසර මතක කඳුලින් දෝවනවාද
මා හැරදා ඔබත් අෑතට යනවාද
දිවි අැති තුරා රකිමින් හද වූ හාද
තබනෙමු පියෙන් පිය මල් සුපිපෙන පාද....................
0 අදහස්:
Post a Comment