ගෙවි සරසවි මතක පොතෙන්


හිරුටත් හොරෙන් සදු ඒන තුරු භවන පුරා
හසරැල් උරණ වී හද ඉකි බිඳින තුරා
බැඳි මිතුදමි හුයෙන් දුක සැප සැවොම දරා
හද ඉතිරී ගලයි මතකය මසිත පුරා........

දින දින නැගිට වැටෙමින් සිය දහස් විට
විඳි ඒ හැඟුමි යනෙනා තුරු ලොවින් පිට
සිහිනෙන් රැයේ හිනැහෙන විට විටින් විට
සිත රැඳි බරක් දැමුවා වැනි මහ හෙළට......

ගල් කුලු මතින් දිවු සිදු සේ ගෙවි දිවිය
පෙණ කැටි රුවින් දිළිසෙයි සිත රැඳි කවිය
හදවත පුරා රූරා ඒන තුටු සවිය
සුර තුට පුන් පුරක් වේවා සරසවිය.............


0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever