එකතු වෙමු


එකම එක අරමුණක්
හිත පුරා දරාගෙන
මුදල් මිස වෙන කිසිත්
නොසොයාම හැල්මේ යන
මේ ගමන එක්වරක්
නතර කර ගිමන් හැර
නැවතිලා බලමු අපි
දිවි යදින ඔවුන් දෙස..........

රෝහලේ සයන මත
මරණයට දින ගනින
අහිංසක මල් කැකුළු
නෙක වේදනා විඳින.........

එකතු වෙමු අපි සැවොම
පුබුදුවා මිනිස්කම
ලබා දෙමු තව දිනක්
ඒ පුංචි පොඩි උන්ට
රැදෙන්නට ආදරෙන්
දෙමාපිය පහස ළග..............

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever