ඔබ කොහිද වසන්ත සරසවිය


නුඹත් සමග මියැදුනිද වසන්තය..
ඉපදීම මරණය
ලොව නියත දහමයි..
කම්පා නොවන්නේ කෙලෙස
නුඹ මියෙදියාම..
වසන්තය ගෙනාවේ නුඹය
සරසවියෙ අපට..
නුඹ නොමැතිව 
වසන්තය නෑ ආයෙ එන්නේ..
කෙදින ඒවිද වසන්තය යළි
සරසවිය තුලට..
රොබරෝසියා රැජිනියණි!
ණය ගැතිය අපි නුඹට..
මෙතෙක් ගෙන ආ වසන්තය
අමරණීයයි හැමදාම..
නුඹේ රුව දැක ගන්නෙ කවදාද
මතු යම් දිනක..
යලිත් පෙමිණෙනු මෙනවි 
වසන්තය රැගෙන මතුදාක ..






0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever