She.....


When I saw her at the very first time
She was taken by the heart of mine
Though I'm unable to see her time to time
I'm thinking whether she keeps in fine

When her eyes meet my heart 
It stops for a while and beginning to start
Though I'm unable to look so smart
She gives her smile as an electric spark

When I hear the sound she has, in her own
I feel that something going through my bones
When I turn back, taking it as a warn
She is there, smiling like a swan

,

මා පිය....

කිරි සුවඳක් මැද්දේ පියෙකුගේ ආදරේ
පපු තුරුලේ ඔබගේ ලොවක සවිය දැනුනේ..........

දැල්වූ පහනක් මව අත තබලා
පියාණනේ ඔබ කොහේ ගියේ
එදා පටන් මගේ මව්නි ඔබයි 
සිතට දිරිය දෙන්නේ.............

මවකගේ සෙනෙහස දෙගුණ තෙගුණ වී
පිය රැකවරණය දෙන්නට සැදුවත්
පියාණනේ ඔබේ අඩුව සදාකල්
සිතේ කොනක් සෙව්වේ............

ගඟකි මේ ජිවිතය ..........


ගිරෙන් මතු වි 
පොපියනා දිය බුබුල 
ගලා යයි ගල් මතින් 
පසුකරයි ළමා විය...........

කෙලිදොලෙන් දුව පනින 
ගිරි ශිඛර පසුකරන 
පෙණපිඩිති නන්වනා 
අසිරිමත් තරුණ විය ............

මිහිකතත් සනසවන 
ජල කඳක බර දරන 
අතු බෙදී දිවයනා 
සමුදුනෙමි විඩා විය.............

නිසල රැළි නන්වමින්
සුමුදුලෙස දිවයනා 
නෑසියන් වෙත අැදෙන 
ගඟකි මේ ජිවිතය...........

පුලතිසි වරුණ

වෑහෙන තෙද බලය පෙන්වා රජ සමය
පොබයන මිණි කිරුලු සේ පෙන්වා සවිය
නෙත පින් කඳුලු උතුරා තුට වඩයි ලය
සිඔිනෙමි නෙතින් හැර තිර පුලතිසි පුරය..............

රන්කෙත් පබලු කිරි වෙහෙරෙහි රැස් දහරා
විද හද මඩල දිව යයි පාපයන් මරා
පින්බර ගල් වෙහෙර නෙත සිත සරන තුරා
නළියයි ගතේ රුධිරය අභිමනක් දරා..........

පැරකුම් සයුර දියවර සේ සයුරු ගැබ
සත්බුමුපාය සේ ධාරය විසල් නුබ
අගනා මැදුරු උයනින් සිත උපන් ලොබ
නිවමින් ලෙළෙන පිළිරෑ පැරකුම්ය ඔබ.............

නිති බුදු රැසින් වෙළෙනා සෝමාවති චේතී
වටදාගෙයක සිරි ගත් ගල් කණුද වෙතී
දුටුවිට නැතේ හැඟුමන් සපිරුණත් සතී
මෙපුරේ අසිරි සිරි කිසිදා නිමක් නැතී

මතකද ඒ රිසානා............මෙන්න රිසානාගෙන් ලියුමක්

පිය සවි දෑත් දර හා පොර බදින විට
ලේ පැහැ නෙතඟ මවගේ ඉකි බිඳින විට
අහරක් යදින කුස ගිනි ගෙන දැවෙන විට
සිතුනා සිතේ වූ මාළිග තනන්නට............

කටු මැටි පැලේ පොල් අතු කෙරුවට සෙවිලී
හිරු සඳු රැස් ගෙබිම සිම්බේ නැතිව විලී
ඉල්ලයි රසක් හිස්වූ අපෙ දිළිදු හැලී
මා මළ දිනේ ගෙය සැරසුවෙ ශ්වේත රැළී.............

එක් මවකගේ හීසර පහරින් දුන්න
දහසක් මව් හදේ වණයකි රිදුම් දෙන
අම්මේ සැනසෙන්න දිවියට සවිය ගෙන
මම ඉන්නවා ඔබ දෙස නෙත් යොමාගෙන..............

නෙතඟින් ගැලූ උණු දිය බිදු මහ සයුර
පරදයි සිඳි හිසෙන් ගැලු ඒ ලේ දහර
කෙරුවත් දුරු රටක පස තුළ මෙමා සිර
මම ගයනවා දුක් ගීයක ගෙතූ ස්වර

උත්තම මුනිදු පුදනා පෙරහැර සිරිය

අතරින් සාධු දහසක් මුවඟින් හැලුණු
සොලවා දියත වෑහෙයි තෙද බල බලනු
රන් දම් රුවක් ගත් පෙරහිර නෙත රැඳුනු
නුවරෙහි මයත් මඟුලකි නෙත් හැර බලනු...........

පුන් සඳ කැලුම් දිය දහරින් දොවා ගත
රාවය බෙරෙහි නටවයි මහ දනගෙ ගත
බමනා ගිනි සිලුවෙ එල්ලී රඟන සිත
පිළිඔිඔු දිළේ වැව් දිය මත මවා වත..........

සිරි දළ හෙවා පිට මත පෙන්වා බැතිය
සියොලඟ වසා නන් පෑ සලු පිළිද විය
තබනා පාද මහ ගජ සිරි රුවක් විය
නෙත පින් දිය ගලයි දැක රුව මේ සිරිය...........

පවනෙහි වෙළී රඟනා ධජ සෙවණ යට
රඟනා රැඟුම් දැක නැත බැඳි පවුරු වැට
ලෙළෙනා කසුන් පෑයෙන් සිත පිරී තුට
දෙව් බඔ අඔර හැර භූමිය වෙතට බට

පන්හිඳ

සිප් රණ බිමේ අසිපත ඔබ රුපු බින්දූ දිනු සිප් දෙරණෙ භූපති ඔබ තෙද රැන්දූ ගගනේ අඳුර නැසු සොමි ගුණ හද රැන්දූ පන්හිඳ ඔබයි සිතුවිලි කරනා සින්දූ...................
මාපට දබරඟිලි මැදැඟිලි වලින් වට ඔබෙ බඳ රඟයි මා වයනා බෙර පදට ඔබ ගත ලෙයින් සැරසුනු පත් ඉරුවකට කිව හැක වදන් නොබියව නොකියනා කට.....................
නෙතඟින් උණු කඳුලු ගංගා ගලන විට මුවඟින් උදුල් හසරැල් ගිලිහෙනා විට නිරතුරු වෙලී දෑතේ තනි නසන විට සිතිවිලි විලේ ඔබ විය රිවි බිමට බට........................
නොමුනා වදන් කරමින් ගොස කණ රිද්දා විදිනා වදන් පරදයි හී සර වැද්දා නොතකා වෙහෙස ඉඟ සුඟ නළවයි පද්දා පතනෙමි සවිය දිනුමට දුදනන් රිද්දා

ජය හඩ


කටේ කිරි සුවද තාමත් මැකී නැතී
එනමුත් කස පහර සැර අඩුවක් නොමැතී
සින්හ රැළට පෙරමන් සරසන්නෙ නිතී
ඇන්ජි වගේ සම්පත් වෙන උන්ට නැතී

තවමත් නැත ඔහු සතු අවි බල පෙන්නා
එනමුත් ඔහුගෙ වැඩකිඩ මතකෙට එන්නා
ඔහුට බනින උන් හට රෑ තරු පෙන්නා
චන්දි දිනෙක ලක්දිව පෙරමන් ගන්නා

පොඩි කාලෙදි කල්දේරමකට වැටුන
වෙඩි සැර පතුරවයි ඔහු පිටියට පැමින
ජිම් පප්පව දුටු විට තිසරව මැවෙන
ගේල්ට වත් නැත ඌ වන්නේ දෙවන

වම් අත කරකවා හොලවයි මුලු ලොවම
දග පන්දුව කරවයි මුලු ලොව පුදුම
වැඩකිඩ දමයි ඔහුගේ තරමට නොවන
හේරා එන්නෙ ඇතුගල අබිමන් රැගෙන

හරහට එන උණ්ඩය පාදය සිඹින
කඩුල්ල තුන්දෙසකට ගලවා යවන
දකුනු ලකේ සින්හයා ලෙස නම් කෙරුන
slinga ඔහුය පිත්තට හෙන ඇණය වුන

කතන්දරේ නම් දිග වැඩි දෝ මන්දා
සින්හයො වැඩිය දිග වැඩි වුනේ ඒ හන්දා
ලොව ඉදිරියේ උබලගෙ කිතුගොස බන්දා
cup එක ගෙනෙන් සිරිලක තෙද ලොව රන්දා

මැද්දේ.........



උකුළේ කළය තාලෙට එහෙ මෙහෙ පැද්දේ
වරලස මැවේ රූ ගලනා දොළ පහරේ
දෙතොලේ සිනා ළඟ නා දලු රුව පැරදේ
අැගෙ නෙත් පහස වැද මුලු ගම කිරි ඉතිරේ............

අැගෙ දෝතට එන්න ජල බිදු තරඟ කරයි
අැගෙ උකුළත සරන කළයේ දිය බේරෙයි
අැගෙ පා පහස ලද දොළ උමතුවෙන් වගෙයි
අෑතට නොයා සිය බිඳු අැගෙ ලඟ දැවටෙයි..........

රන්වන් ළඳකි අැය දුටු තැන මල් නොවෙතී
මිණි පහනක් බඳුය අැය හිරු රැස් නොවටී
දුටුවෙමි සොදින් අැය ගම සරසවන සැටී
සත්තයි දෙව් ලොවේ දෙවඟන පරදවතී.............

අහිමි වූ ඔබ........



විකසිත වූ රෝස කැකුළ මිලාන වී ගියේ
මගේ දෑතෙ සුරතල් වී මාව දමා ගියේ
දෑස බොඳයි ඔබ නාෙපෙනෙයි මතකය අැත සිතේ
පෙරදා ඔබ මා සැනසූ බව මැවිලා පෙනේ..........

දිවාකරේ ඔබේ කිරණ දරුණුයි ගත අලුවෙයි
කාල සලුව එපා ගන්න වළාකුළේ සීතයි
සොමි කිරණින් දොවාලන්න සැනසෙයි ගත පිබිදෙයි
අැයගේ තනිකම මකන්න තරු කුමරිට බාරයි..........

නෙත් පිනවන නේක වර්ණ ඔබෙ ගත දැවටූවා
ගෙලේ දෑතෙ කණක හොවා රූසිරි නැරඹූවා
ගගනෙ කූළෙව් ඔබ දුටු විට වැළඳගන්න වූවා
මගේ දෑතෙ උණුසුම දා හිරු සඳු වෙත දීවා...........

ඔබ අැත දැන් වෙහෙස වෙලා පාවී ගොස් ගුවනේ
සලු වැහැරී රුව නැතිවී තට්ටය අැත සිරසේ
සිත පිරවූ තේජස නැත තනිකම මට අැත්තේ
“සරුංගලේ” ඔබේ වරුණ අැත මගෙ සිත අස්සේ..........

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever