කිසිවෙකුත් නෑසුවේ මන්දැයි, රඟ දෙනා දුක මගෙ සිතේ
සැවොම එන්නේ ඇවිත් යන්නේ, පහස ලැබුමට මගෙ ගතේ
කව්ද දන්නේ නොම සිතනුයේ, ශෝකයක් ගැන හදවතේ
පිරිමි මහතුන් මොණර කොලයක්, තබයි අවසන මා අතේ
එයයි මාගේ දරු දෙදෙන අද, තුටින් පාසල වෙත යවන්නේ
ඔවුන් සැමදා රජ කරන්ටයි මෙලෙස මා මේ දුක් විඳින්නේ
කොලොම් තොට තුළ, මගේ ඉරණම සැවොම විසදවන්නේ
බුදු රජුනි ගරු, තෙවන පදයට, මට කමා වන්නේ ..........